Saturday, October 22, 2011

Lend me your ears...!

අහන ඉන්න අහගෙන ඉන්න

මේ වචන ටික හීනි ලස්සන කට හඩකින් මේ දවස් වල ඇහෙනවා.මේ සින්දුව කලින් ඉන්ද්‍රචාප කියල තියෙනවා. නමුත් මේ සින්දුවේ තෙරුම හරියටම ගැලපෙන කෙනා තමයි දැන් කියන්නේ. මේකලා ගමගේ තමයි මේක කියන්නේ.අපිට වඩා වෙනස් කෙනෙක්.මේ සින්දුව මට අහන්න සැලැස්සුවේ මොරටුව කැම්පස්  එකේ  යාලුවෙක්.එයා ගොඩක් තොරතුරු කිව්වා. 



යාය   පුරා  නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් 
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින් 
මල් සුවද බෙදනවා
ඒ  සුවදින් මගේ හුස්ම රටා මවනවා.....

මේ පද ටිකේ කිය වෙන දේ අන්ධ  කෙනෙක්ට හැගෙන්නේ කොහොමද????
එයාල කොහොමද පාට අදුරන්නේ?
මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ.ඇස්දෙකක් තියෙන අපි කොයිතරම් වසනා වන්තද?

අමාවකේ දුක දුරලන 
දහසක් තරු කැට නුබටයි 
ඒ එළියෙන් දැල්වෙන ලෝකය 
මගෙමයි මටමයි ..... 


අපේ බ්ලොග් එකේ නමත් තරු එළිය  නමුත් එයාලා  තරු එළිය දකින්නේ කොහොමද?මේ අපි ලියන දේවත් එයාලා දකින්නේ නෑ.එයාලගේ ලෝකය කොයිවගේද කියල හිතා ගන්න පුළුවන්  නේද?
අපි අමාවකට කැමති නෑ.එදාට හද නැති නිසා මුළු රෑම කළුවරයිනේ.නමුත් මේකලාලගේ ලෝකය හැමදාම කළුවරයි.එත් එයාලා ඒ කළුවර ඇතුලෙන් පාට දකිනවා,තරු එළිය දකිනවා, තමාගේ දක්ෂතා වලින් මිනිස්සුන්ගේ හිත සනසවනවා.........මේක තමයි ලෝකේ හැටි....
වෙනස් විදියට ලෝකය දකින්න  ........

මේ තියෙන්නේ එයාල ලෝක අන්ධ  දිනය තේමා කරගෙන හදල තියෙන  video එක.අපි හැමදේ ගැනම හිතන  විදිය අංශක 180 කින් වෙනස් කරන්න සමත් වුණා කියල මට හිතෙනවා.ඉතින් මේ සංවේදී සින්දුව බලලා එකෙන් අපේ ජිවිතයට ගන්න පුළුවන් උපරිම දේ ගන්න.


විශේෂ ස්තුතිය හැමෝටම...
අපි තරු එළිය 
2011.10.22

No comments:

Post a Comment