Tourist map

Tourist map





                                                                      අපි හිතුව තරු එළියට අලුත් පිටුවක් පටන්ගන්න ඕනේ කියල .මේකේ නම Tourist Map .මේකේ සඳහන් කරන්න හදන්නේ ලංකාවේ තියෙන ලස්සන තැන් ගැන.අපි ගිය,අපි යන්න ඉන්න,තැන් ගැන මේකේ ඉස්සරහට ගොඩක්  දේවල් ලියවේවි.

ලංකාව කියන්නේ පුංචි රටක් වුනාට අපේ රටේ හිටගන්නවත් බැරි  Bio diversity එකක් තියෙනවා.ඒ වගේම අපිට අවුරුදු  2500 අභිමානවත් ඉතිහාසයකුත් තියෙනවා.මේ පුංචි රටේ අපි දැකපු, නොදැකපු ගොඩක් දේවල් ගැන අපි ඉස්සරහට කතා  කරමු.
                                                                                
                                    
                                                             අපි තරු එළිය 
                                                            2011.10.02



 ලිප්ටන්ස් සීට්


අපි යන්නේ ලිප්ටන්ස් සීට්.මේකට නම හැදිලා තියෙන්නේ ලිප්ටෝන් කියන සුද්දා තමයි මේ අවට තියෙන අක්කර 1000 ගණක තේ වතු බාරව ඉදල තියෙන්නේ.එය පදිංචි වෙලා ඉදල තියෙන්නේ මේ අපි යන්න තැන .මෙතනට ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක 5 ක් පේනවා.බදුල්ල,මොනරාගල,රත්නපුර,අම්පාර,හම්බන්තොට. මාර ගති තැනක්.




මේක පිහිටලා තියෙන්නේ  උව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කේ.මේකට යන්න ඕනේ හපුතලේට ඇවිත් හපුතලේ ඉදල කිලෝමීටර් 12 ක් යන්න ඕනේ දඹේතැන්න බස්  එකේ.පාරේ බස්  ටිකක් අඩුයි.සමහර වෙලාවට වැන් 1ක් තියෙනවා.මේ පැත්තේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජිවන මාර්ගය තමයි තේ.ගොඩක් අහිංසක මිනිස්සු ඉන්නේ.අපි හපුතලේට යනකොට උදේ 10 විතර වෙලා.අපේ වෙලාවට බස් එක තිබුණා .අපි යාලුවෝ තුන් දෙනෙක් අවේ.

හතර වටේම තේ වතු.ගොඩක් ලස්සනයි.අපි කතා වේවි අවේ සුද්ද අපේ රටට කරපු විසය කොයි  වගේද කියල.මොකද මේ කදු වල කොච්චර නම් සත්තු ඉන්න ඇද්ද?අලි ,දිවියෝ මේ හැම සතාම තේ වවන්න කදු කපද්දී මරල දාන්න ඇති.


           අපි පැය එක හමාරකින් විතර  ලිප්ටන්ස් සීට් එකට ඇතුළු වෙන තේ වත්ත ගාවට අවා.එතන  ඉදල දෙපයේ පිහිට තමයි කොහොමහරි තවත් පැය භාගයකින් අපි තැනට අවා.  







මේක ගැන අපි ගොඩක් නොදන්නවා වුනාට forigners ලා ගොඩක් දන්න තැනක්.ඉතින ඔයාලත් වෙලාවක් තියෙනවනම් ගිහිල්ල බලන්න මාර ගති තැනක්...
                                                                 අපි තරු එළිය
                                                                 2011.10.02