Monday, November 14, 2011

තාත්තා ට



සඳවත ද දිලී තරැකැටද දිලී
ගණ අඳුර ඉරා හිනැහෙයි අහසේ..
මඳ පවන ඇදී තුරැ පෙතද සැලී 
වත කමල සිඹී කොඳුරයි රහසේ..
කොඳ කුමුදු පිපී විල් දියට එබී
මුව මඬල බලයි වෙනදා වාගේ..
සිත් අහස අමාවක අහස මෙනී
නුඹෙ සෙවන දුරයි මගෙ අප්පචිචී..

සඳ රුසත් නුඹත් කෝපයෙන් ගැටී
පිණි කඳුලු සලයි ලා දළු සබඳේ..
හෙට උදා ඉරක් විත් මකයි කඳුලු
හස කැළුමී සලන තුරැ පෙරදා සේ..
නුඹෙ නෙතින් ගැලූ උණු කඳුලු වැටී
මුදු කොපුල් තලත් රිදවයි රහසේ..
නුඹෙ කඳුළු මකා සිනහවක් ැවේ නම්
සතුට එයයි මගෙ අප්පචිචී..

වෙර නොමැති ගතත් සවි සිඳුණ සිතත්
සෝ බර වු මුවත් සතපා යහනේ..
පෙර දනෙක සිනා කෙළි කවට වදන්
නුඹෙ මුවග තුළින් සැගවිණි රහසේ..
නුඹෙ සුවය සොයා මුළු හදම පුදා
අද දිනත් හෙටත් සිටිනෙමි නිබඳේ..
හසරුල්ල නුඹයි සඳවතද නුඹයි
ගනඳුරෙන් වෙලුනු මගෙ හිත් අහසේ..

Wednesday, November 2, 2011

ගුරු ගීතය..

ගුරු ගීතය..


 ජීවිතය අරුණෝදය නුඹය මට දුයිෂෙන්.අනාගත අභිව්ර්දිය උදෙසා දත් සෑම දේම කියා දුන්න යයි සිත සිටිමි මම..ඔබ ගුරු මුෂ්ටිය තියාගෙන උගැන්වීම් කළේයි යන සිතිවිල්ල මගේ සිත වෙලා ගනී.
ජීවිතය ඉදිරියේ නොසලෙන්න අවැසි දෑ ඉගැන්වූ නුඹ මතකයන් ඉදිරියේ නදුනනා අයුරින් හිදීමට ,අතීතය අමතක වූවා සේ හැසිරීමට  උගන් වුයේ නැත...අසරණය අද මා...පොප්ලර ගස් සෙවනේ කියා නොදුන් ජිවිත පාඩම කියවමි අද මා.....
              අල්තිනායි..
              ගුරු ගීතය නැවත කියවුම..

                 2011.11.03    01:00 am